menu

Plumberz - Free Plumbing Website Template
Loading...

123 Street, New York, USA

info@example.com

Our Technicians

Our Expert Technicians

Full Name
Designation
Full Name
Designation
Full Name
Designation
Full Name
Designation
Full Name
Designation
Full Name
Designation
Full Name
Designation
Full Name
Designation

සූර්යයා

   


සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව,පෘතුවියේ සියලු ශක්ති ප්‍රභවවල මූලිකයා මෙන්ම පෘතුවියේ ජීවයේ පැවැත්ම සඳහාද ප්‍රභල සාධකයක් ලෙස හිරු හෙවත් සූර්‍යා හඳුන්වන්න පුලුවන්.

               පෘතුවිය ඇතුලු අනෙකුත් ග්‍රහලෝක,ධූමකේතු සහ දූවිලි සූර්‍යා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% ක් පමණ සූර්‍යා සතු වේ.

                සූර්‍යාගේ මතුපිට සංයුතිය සංයුතිය එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ හයිඩ්‍රජන්ද,එහි ස්කන්ධයෙන් 24-25% ක් පමණ හෝ එහි පරිමාවෙන් 7% ක් පමණ හීලියම්ද සහ යකඩ,නිකල්,ඔක්සිජන්,සිලිකන්,සල්ෆර්,මැග්නීසියම්,කාබන්,නියෝන්,කැල්සියම් හා බ්‍රෝමීන් යන මූලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණවලින්ද සමන්විත වේ.

               සූර්‍යා යනු හුදෙක් ඝන වස්තුවක් නොව මුළුමුනින්ම වායු වලින් සමන්විත විශාල වස්තුවකි.සූර්‍යා තරමක් පැතලි ගෝලාකාරය.එනම් සූර්‍යාගේ ධ්‍රැවීය විෂ්කම්භය හා සමකාසන්න විෂ්කම්භය අතර 10Km පමණ වෙනසක් පවතී.එය තුල පවතිනුයේ මූලික වශයෙන් හයිඩ්‍රජන් හා හීලියම්‍ ය. 

               සූර්‍යා තමන්ගේ තාප ශක්තිය නිපදවා ගන්නේ න්‍යශ්ටික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි.එනම් හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්කොට හීලියම් පරමාණුවක් නිපදවීමේ ප්‍රතික්‍රියාමය ක්‍රමයයි.සූර්‍යා සතුව විශාල හයිඩ්‍රජන් ප්‍රමාණයක් පවතින අතර මෙම ප්‍රමාණය සූර්‍යා ඉතා විශාල ශීඝ්‍රතාවයකින් යුතුව පරිභෝජනය කරයි.

               සූර්ය ශක්තිය හිරු එලිය හා තාපය ලෙස පෘතුවිය මත වෙසෙන සිය්ලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වේ.ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියයි.එසේම සූර්යා මඟින් පෘතුවියේ දේශගුණය හා කාලගුණය පාලනය් කරයි.

               බොහෝ දෙනා විෂ්වාස කරන පරිදි සූර්යා සතු මෙම හයිඩ්‍රජන් ප්‍රමාණය තව අවුරුදු බිලියන පහක පමණ කාලයකට ප්‍රමාණවත් වන අතර එතනින් පසු සූර්යා තම ජීවිතයේ එක් අවධියක් අවසන් කොට රතු යෝධයෙක් ලෙස හැඳින්වෙන අවස්ථාවට පත්වනු ඇත.

                සූර්යා තම අක්ෂය වටා පරිභ්‍රමණය වන විට විවිධ අවස්ථාවල එකිනෙකට වෙනස් චලිත වේගයන් දක්වයි.එනම් සූර්යාගේ සමකයේදී භ්‍රමණ වේගය එහි ධ්‍රැවයේ භ්‍රමණ වේගයට වඩා වැඩියි.සමකයේදී ආසන්න වශයෙන් සූර්යාගේභ්‍රමණ කාලය දින 25ක් වන අතර ධ්‍රැව ප්‍රදේශ වලදී එම කාලය දින 35ක් පමණ වේ.කෙසේ වෙතත් පෘතුවිය සූර්යා වටා සිදුවන භ්‍රමණය නිසා පෘතුවියේ උස්බිම් නිරන්තරයෙන් වෙනස්වීම නිසා පෘතුවියේ සිට  පැහැදිලිව සූර්යාගේ සමකාසන්න භ්‍රමණ කාලය දින 28ක් ලෙස නිරීක්ෂණය කල හැක.

‌               තවද ග්‍රහ වස්තූන් විසින් සූර්යා කෙරෙහි ඇති කරන ආකර්ෂණ බලපෑම එහි හැඩයට බල නොපායි.

‌               ග්‍රහ වස්තු වලට මෙන් සූර්යාට නිශ්චිත මායිමක් නැත.සූර්යාගේ කේන්ද්‍රයේ සිට දුර වැඩිවත්ම එහි අඩංගු වායුවල ඝනත්වය ආසන්න වශයෙන් ඝාතීයව අඩු වීම සිදු වේ.නමුත් සූර්යාට ඉතා පැහැදිලි අභ්‍යන්තර සැකිල්ලක් පවතී.සූර්යාගේ අරය එහි කේන්ද්‍රයේ සිට ප්‍රකාශ ගෝලයේ කෙලවරට මනිනු ලැබේ.

‌               ප්‍රකාශ ගෝලය යනු සූර්යාගේ බාහිරයෙන්ම පවතින සැලකිය යුතු තරම් ආලෝකය හෝ විකිරණ පිට කිරීමට ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් හෝ ඝනත්වයක් නොමැති වායු ස්ථරයකි.ප්‍රකාශ ගෝලය පියවි ඇසට බොහෝ පහසුවෙන් නිරීක්ෂණය කල හැක.සූර්ය මධ්‍ය එහි සමස්ථ පරිමාවෙන් 10% ක් පමණ වුවද එය සමස්ථ ස්කන්ධයෙන් 40% ක් පමණ වේ.

‌               සූර්ය අභ්‍යන්තරය එකවර නිරීක්ෂණය කල නොහැක.තවද සූර්යා විද්‍යුත් චුම්භක විකිරණයන්ට ස්වභාවයෙන්ම පාරාන්ධ වස්තුවකි.භූ කම්පන විද්‍යාව භූමි අභ්‍යන්තරය ගැන ගවේෂණය කිරීමට යොදාගනු ලබන්නා සේම සූර්ය භූ කම්පන විද්‍යාවේදී සූර්යාගේ අභ්‍යන්තරයේ හට ගන්නා පීඩන තරංග එහි අභ්‍යන්තරය ගවේෂණය කිරීමට යොදාගනී.තවද පරිඝණක ප්‍රතිනිරූපණය කිරීම්ද සූර්ය අභ්‍යන්තරය ගවේෂණය කිරීමට සෛද්ධාන්තික ක්‍රමවේද ලෙස යොදාගනී.

‌                 හිරු ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කල හැක.

‌එනම්,

‌1.න්‍යශ්ටික ප්‍රතික්‍රියා සිදුවන හරය

‌2.විකිරණ කලාපය

‌3.සංවහන කලාපය

                 හරය සූර්යාගේ බලශක්ති නිපැයුම් මධ්‍යස්ථානය වශයෙන් හැඳින්විය හැක.සූර්ය අරයෙන් කාලක ප්‍රමාණය හරය ලෙස හැඳින්වේ.සූර්ය අරයෙන් කාලක ප්‍රමාණය තුල සූර්ය ස්කන්ධයෙන් හරි අඩක් ගැබ්ව ඇත.හරයේ උෂ්ණත්වය කෙල්වින් මිලියන 15 ක් පමණ වේ.හරයේ පීඩනය වායුගෝල බිලියන 250 ක පීඩනයට සමානය.මෙම තත්ව න්‍යශ්ටික විලයනය සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත් යැයි සැලකේ.

               හිරුගේ පිටත වායුගෝලයද කොටස් 3කට බෙදේ.එනම්;

1.වර්ණ ගෝලය

2.ප්‍රකාශ ගෝලය

3.කොරෝනාව   ලෙසිනි.

                සූර්ය කොරෝනාව සාමාන්‍යයෙන් හිරු පායා ඇති විට දැක ගත නොහැකි නමුත් පූර්ණ සූර්යග්‍රහණයන් පවතින අවස්ථා වලදී ඉතා පැහැදිලිව දර්ශණය වේ.සූර්ය කොරෝනාව නිරීක්ෂණය සඳහාම නිර්මාණය කර ඇති විශේෂ උපකරණයක් ලෙසට Coronagraph නැමති උපකරණය හැඳින්විය හැක.මෙහිදී පූර්ණ සූර්යග්‍රහණයකදී සිදුවන්නාක් මෙන් සූර්යා කෘතිමව මෙම උපකරණය ආධාරයෙන් නිරීක්ෂණය කල හැකි වේ.

               හිරු මතුපිට දක්නට ලැබෙන අඳුරුපැල්ලම් වැනි ස්ථාන හිරු ලප ලෙස හඳුන්වයි.මේවා හිරු මතුපිට පවතින උෂ්ණත්වයෙන් ඉතා අඩු ස්ථාන වේ.  විශාලතම සූර්ය ලපයක් කිලෝමීටර 1000ක් පමණ පළල වේ.මෙවැනි අඳුරු ලප ඇතිවීමේ යාන්ත්‍රණය වන්නේ සූර්ය චුම්භක ක්ෂේත්‍රයේ පවතින වෙනස් වීමයි.හිරු ලප පැවතීම හෝ ඇති වීම ඒකාකාර නොවේ.හිරු ලප ප්‍රමාණය කාලයත් සමඟ චක්‍රයකට අනූව වෙනස් වේ.මෙම විශේෂ චක්‍රය සූර්ය ලප චක්‍රය ලෙස හැඳින්වෙන අතර එක් චක්‍රයක කාලය අවුරුදු11 කි.


               හිරුගේ මතුපිටින් එකවරම පිටත අවකාශයට විහිදී යන විශාල ගිණිදළු සූර්ය ගිණිදළු ලෙස හඳුන්වයි.මේවායේ ප්‍රමාණයන් විවිධ වේ.ඉතා විශාල සූර්ය ගිණිදළු කිලෝමිටර දහස් ගණනක් දුර අවකාශයට විහිදී යන අතර හිරු ලප මෙන් සූර්ය ගිණිදළු වල ප්‍රභලත්වයද කාලයත් සමඟ වෙනස් වේ.

               හීරු ඉතා ප්‍රභල සක්‍රීය වස්තුවක් වන අතර එමඟින් එක් තත්පරයක් තුලදී නිදහස් ඉලෙක්ට්‍රෝන හා අයනීකරණය වූ පරමාණු ඉතා විශාල ප්‍රමාණයක් පිටත අවකාශයට මුදා හරිනු ලබයි.මෙම සංසිද්ධිය සූර්ය සුලඟ නම් වේ.

                සූර්ය සුලඟ සතුව විශාල වශයෙන් අයනීකරණයට ලක්ව ඇති අංශු පැවතීම හේතුවෙන් ඒවා පෘතුවිය හරහා යාමේදී පෘතුවියේ ජීවයට බලපෑම් ඇති කල හැක.නමුත් පෘතුවිය සතුව පවතින ඝණ වායුගෝලය හා ඊට එපිටින් ඇති "වෑන් ඇලන් විකිරණ කලාප"ලෙස හැඳින්වෙන සුවිශේෂී ආවරණයේ බලපෑම මත සූර්ය සුලඟ මඟින් පෘතුවියේ ජීවයට බලපෑම් ඇති විය හැකි අහිතකර තත්ව බොහෝ දුරට මඟහරිනු ලබයි.

                සූර්ය සුලඟේ ප්‍රභලත්වය කාලය සමඟ වෙනස් වෙන දෙයකි.සූර්ය සුලඟ ඉතා ප්‍රභලව පවතින අවස්ථාවන් සූර්ය කුණාටු ලෙසද හඳුන්වයි.

                 සූර්යාලෝකය ඉතාමත් දීප්තිමත් වන අතර පියවි ඇසින් සූර්යා දෙස කෙටි වේලාවක් බලා සිටීම වේදනාකාරී වේ.uv කිරණ වලට නිරාවරණය වීම මඟින් කාලයක් යන විට ඇසේ කාචය කහ පැහැයක් ගන්නා අතර ඇසේ සුද ඇති විය හැක.

               අර්ධ සූර්යග්‍රහණ පියවි ඇසින් නැරඹීමද ඇසට හානිකර වේ.මෙහිදී ඇසට සිදුවන හානිය වේදනාවකින් තොර වන අතර ටික කාලයකට පසු අන්ධ බව ඇති විය හැක.

               සූර්යා දෙස ආරක්ෂිතව බැලිය හැකි එක් ක්‍රමයක් වන්නේ දුරදක්නය හෝ උපනෙත තුලින් පැමිනෙන ඡායාව තිරයක් මතට පතිත කිරීමෙනි.


               සූර්ය ගවේෂණය සඳහා නිර්මාණය කරන ලද පලමු චන්ද්‍රිකා ලෙස 1959 දී අජටාකාශගත කල පයනියර් 5,6,7,8  හා 9 හැඳින්විය හැක.මෙම චන්ද්‍රිකා හිරුගේ සිට පෘතුවියට ඇති දුරට ආසන්න දුරකින් කක්ෂගතව පැවතුන අතර ඒවා මඟින් සූර්ය සුළඟේ සහ සූර්යාගේ චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රථම සවිස්තරාත්මක මිනුම් ලබා ගන්නා ලදී.

                1910 දී 'හේලියස් 1' චන්ද්‍රිකාව මඟින් හා 'ස්කයිලැබ් ' අභ්‍යවකාශ නැවතුම්පොලේ 'ඇපලෝ' දුරේක්ෂය මඟින් සූර්ය සුලඟ හා සූර්ය කොරෝනාව පිලිබඳ ඉතා වැදගත් තොරතුරු සපයන ලදී.

                 1980 දී නාසා ආයතනය මගින් දියත් කල solar maximum ව්‍යාපෘතිය මඟින් සූර්ය ක්‍රියාකාරීත්වයන් අධික වූ කාල සීමාවන් තුල සූර්ය ගිණිදැල් මඟින් නිකුත්වන ගැමා කිරණ,x-කිරණ හා පාරජම්බූල කිරණ නිරීක්ෂණය කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව සැලසුම් කරන ලදී.

               සූර්ය ගිණිදැල් x- කිරණ තරංග ආයාමය යටතේ ඡායාරූපගත කිරීම සඳහා ජපානය 1991 දී යෝකොහෝ චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී.මෙමඟින් එකිනෙකට වෙනස් විවිධ සූර්ය ගිණිදැල් වර්ග හඳුනා ගැනීමට විද්‍යාඥයින්ට හැකිවිය.

               සියලුම චන්ද්‍රිකා සූර්යා නිරීක්ෂණය කර ඇත්තේ සමතලා කක්ෂ තලයක සිටයි.එමනිසා ඔවුන්ට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ නිරක්ෂයට යාබද ප්‍රදේශ පමණි.සූර්යාගේ ධ්‍රැව ප්‍රදේශ නිරීක්ෂණ්‍ය කිරීම සඳහා 1990 දී ' යුලිසිස් ' චන්ද්‍රිකාව කක්ෂගත කරන ලදී.

               මෙලෙස 1959 සිට මේ දක්වාම සූර්ය ගවේෂණය සඳහා විවිධ ව්‍යාපෘති දියත් කරමින් බොහෝ වැදගත් තොරතුරු රැස් කර ගැනීමට විද්‍යාඥයින් සමත් වී ඇත.

1 comment: